චීනයට අයත් ටිබෙට් කලාපයේ ෂීසැං පළාතේ සිදුවූ රිච්ටර් මාපකයේ 7.1ක ප්‍රබල භූකම්පනයෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 126 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊයේ පෙරවරුවේ සිදුවූ මේ භූකම්පනයෙන් තවත් පුද්ගලයන් 130කු පමණ තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
භූකම්පනය සිදුවූයේ දකුණුදිග චීනයට යාබදව පිහිටි ටිබෙට් දේශයේ කඳුකර ප්‍රදේශය ආශ්‍රිතව බවත්, නිවාස හා ගොඩනැඟිලි දහසකට ආසන්න ප්‍රමාණයක් විනාශ වූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
අමෙරිකාවේ භූ විද්‍යා ඒකකයේ දත්තවලට අනුව ප්‍රධාන භූකම්පනයෙන් පසු අතුරු කම්පන රැසක් ද සිදුවී ඇති අතර, භූකම්පනයේ බලපෑම් අසල්වාසී නේපාලයට සහ ඉන්දියාවටත් දැනී තිබුණා.
චීන රජයට අයත් සීසීටීවී මාධ්‍ය භූකම්පනය පිළිබඳ වීඩියෝ පට නිකුත් කර ඇති අතර, නිවාස හා ගොඩනැඟිලි කඩා වැටෙන අයුරු එහි දැක්වෙනවා.
මේ වන විට ආපදා කළමනාකරණ කණ්ඩායම් සුන්බුන්වලට යටවූ පුද්ගලයන් සොයා මෙහෙයුමක් ද ආරම්භ කර ඇති අතර, මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.