අධික වර්ෂාපතනයෙන් සෞදි අරාබියට දැඩි බලපෑම් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
අධික වර්ෂාපතනය හේතුවෙන් සෞදි අරාබියේ පාසල් වසා දමා ඇති අතර ගුවන් ගමන් වාර රැසක් ද අවලංගු කර ඇති බවයි වාර්තා වන්නේ.
ගංවතුර හටගෙන ඇති කලාප මගහරින ලෙසත් පිහිනිමේ කටයුතුවලින් වළකින ලෙසත් එරට ජාතික කාලගුණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.
හෙට දිනය දක්වා අධික වර්ෂාපතනය , දැඩි සුළං හා සුළි කුණාටු හේතුවෙන් ජෙඩාහ් ඇතුලු නගර රැසකට දැඩි බලපෑම් එල්ල විය හැකි බවටයි අනාවැකි පළ වන්නේ.
දැඩි සුළං හේතුවෙන් වැලි කුණාටු හටගත හැකි බවට ද අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.
එමෙන්ම සෞදි ආරාබියේ උතුරු ප්‍රදේශයේ ඇතැම් ස්ථානයන්ට සුළු හිමපතනයක් ඇති විය හැකි බවට ද කාලගුණ අංශ නිවේදනය කරනවා.