කිසිදු ප්‍රයෝජනයකට නොගැනීම හේතුවෙන් පොලොන්නරුවේ බකමුණ නගරය ආසන්නයේ කඩ කාමර පෙලක් දිරාපත් වෙමින් පවතිනවා.
2018 වසරේ දී ඇලහැර සවිලියෝ නමින් එම ව්‍යාපෘතිය ආරම්භ වී තිබෙන්නේ ස්වයං රැකියා කරන කාන්තාවන් පිරිසක් සම්බන්ධ කර ගනිමින්.
එහෙත් මේ වන විට එය නතර වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මුල් යුගයේ දී කිතුල් පැණි, මී කිරි, පලතුරු වර්ග සහ අත්කම් නිර්මාණ ආදිය වෙළදාම් කිරීම ආරම්භ වුව ද මේ වන විට සියලු කඩ කාමර යතුරු දමා තිබෙනවා.
ඒ හේතුවෙන් එය සොර සතුරන්ගේ ග්‍රහණයට ලක්වෙමින් පවතින බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
ඇලහැර ප්‍රාදේශීය ලේකම් සී එම් සී කරුණාරත්න මහත්මිය සඳහන් කළේ එම කඩ කාමර ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කඩිනමින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි.