ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සංවිධානය කරන ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේ 25 වැනි අදියර අද ( 7) වැනිදා සවස 6.00 සිට ගල්කිස්ස මහ හෝටලයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙම සම්මාන උළෙල ජනමාධ්‍යයේ වෘත්තීය ප්‍රවීණත්වය හඳුනා ගැනීම සහ එහි විශිෂ්ටත්වයට පත්වූවන් අගය කිරීම සඳහා පැවැත්වෙන අතර මෙවර සම්මාන උළෙලේ දී වර්ගීකරණයන් 18ක් වෙනුවෙන් සම්මාන පිරිනැමීමට නියමිතයි.
මෙවර සම්මාන උළෙලේ දී පුවත්පත් මාධ්‍ය්‍යට විශිෂ්ට සේවයක් කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් 5 දෙනකු ඇඟයීමද සිදු කෙරෙනවා.
මෙම දීර්ඝ සේවා සම්මානය මෙවර පිරිනැමෙන්නේ චන්ද්‍රිකා විජේසුන්දර, යෝගා මූර්ති, එන්.එම්. අමීන්, බෙනට් රූපසිංහ සහ සනීටා කරීම් යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් සහ මාධ්‍යවේදිනියන් වෙතයි.