මහවිලච්චිය අවට ගොවි බිම්වල පැතිරයන දළඹු විශේෂයක් හේතුවෙන් ගොවි ජනතාව අපහසුතාවට පත්ව සිටිනවා.
මෙම දළඹු විශේෂය පිළිබද සොයා බැලීමටයි කෘෂිකර්ම නිලධාරීන් අද(06) දිනයේ එම ගොවි බිම්වල සංචාරය කළේ .
මහ විලච්චිය අවට ගොවි බිම්වල පැතිරයන හඳුනා නොගත් දළඹු විශේෂයක් හේතුවෙන් වී වගාවට හානි සිදුව ඇති බව ගොවීන් පෙන්වා දෙනවා.
ඒ පිළිබඳ සොයා බැලීමට කෘෂිකර්ම නිලධාරීන් පිරිසක් එම ගොවි බිම් වෙත අද පැමිණියා.
ගොවි ජනතාව හමුවූ එම නිලධාරීන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමටයි කටයුතු කළේ.
මේ සඳහා කඩිනමින් විසඳුමක් ලබාදීමට අපේක්ෂා කරන බවද එම නිලධාරීන් ප්රකාශ කර සිටියා .