විදෙස්ගත ශ්‍රී ලාංකික පුරවැසියන්ට තමන් සිටින රටේ තානාපති කාර්යාලය හරහා උප්පැන්න විවාහ සහ මරණ සහතික පිටපත් ලබාගැනීමේ ඊ බී එම් ඩී සේවාව නිල වශයෙන් අද (06) ආරම්භ කර තිබෙනවා .
ඒ අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන්.
ඊබීඑම් සේවාව පළමු අදියරේදී නියමු ව්‍යාපෘතියක් ලෙස රටවල් 7කින් ආරම්භ කෙරෙනවා.
ඉදිරියේදී එය රටවල් 65ක් දක්වා ව්‍යාප්ත කිරීම සැලසුමයි.
නව සේවාව ආරම්භ කිරීමේ උත්සවය සඳහා රටවල් 7ක තානාපති කාර්යාල සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී එම රටවල සිටින ශ්‍රී ලාංකිකයින්ට සහතික පිටපත් ලබා දීම සිදු කෙරුණා.
ජනාධිපති කාර්යාලයේ මග පෙන්වීම යටතේ රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තෙම්න්තුවේ දත්ත පද්ධතිය සමග සම්බන්ධ වෙමින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනවා.
නව වැඩපිලිවෙල අරඹමින් අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ වත්මන් රජයේ ප්රමුඛ වැඩපිලිවෙලක් වන ඩිජිටල්කරණයේ පළමු ව්‍යාපෘතිය මෙය බවයි.