පුද්ගලයින් කිහිපදෙනෙකු එක්ව තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමකින් බරපතල තුවාල ලැබූ අටලහගොඩ, වත්තේගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 39 ක් වූ මත්ස්‍ය ව්‍යාපාරයක නිරත පුද්ගලයෙකුගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු වත්තේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා .
මෙම ඝාතනයේ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භකල වත්තේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් මිනිමැරීම සහ කුමන්ත්‍රණය කිරීමේ වරද මත එක් සැකකරුවෙකු ඊයේ (5) දින අත්අඩංගුවට ගත් බවයි වාර්තා වන්නේ .
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 38 ක් වූ වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් .