ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් කොන්දේසි විරහිතව සහයෝගය ලබා දෙන බවත්, ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්‍රීඩා කටයුතු දියුණු කිරීම උදෙසා සමස්ත රට පුරාම ක්‍රීඩා සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් සහයෝගය ලබාදෙන බවත්, ඉන්දීය මහකොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබෙනවා.
ඒ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා (Santosh Jha ) සහ තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර අද (06) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවති හමුවකදීයි.
විශේෂයෙන්ම තරුණ කටයුතු ක්ෂේත්රයේ දෙරට අතර සම්බන්ධතා ඉදිරියේ දී තහවුරු කිරීමට බලාපොරොත්තු වන බවත්, ඒ සඳහා මෙරට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයට ඉන්දියානු තරුණ කටයුතු අංශයට පැමිණෙන ලෙස ආරාධනා කරන බවත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර තිබෙනවා..