ලෝක ප්‍රවාහන ඉතිහාසයේ නව සළකුණක් සනිටුහන් කරමින් රියදුරන් නොමැති බස් රථ මගී ප්‍රවාහනය සඳහා යෙදවීමට දකුණු කොරියාව කටයුතු කර තිබෙනවා.
වර්ෂ 1820 දී ලන්ඩන් නුවරින් ආරම්භ කෙරුණු බස් රථ වංශකතාව අද වන විට ලෝකයේ සෑම රටකම අත්‍යවශ්‍යම සේවාවක් බවට පත්ව තිබෙනවා.
බස්රථ මගින් ජනතාවට ලබා දෙන ඒ සේවාවට නව මුහුණුවරක් ලබා දීමට දකුණු කොරියාව කටයුතු කර තිබෙන්නේ ඊට තාක්ෂණය උපරිමයෙන් යොදා ගනිමින්.
රියදුරෙකු නොමැතිව ස්වයංක්‍රියව ක්‍රියාත්මක කෙරෙන බස්රථ සේවාවක් මේ වන විට දකුණු කොරියාවේ සෝල් නුවර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරෙන අතර එය මගී ප්‍රවාහනය වෙනුවෙන් රියදුරෙකු නොමැතිව ධාවනය කෙරෙන ලොව ප්‍රථම බස් සේවාව ලෙස ඉතිහාසයට එක්වී අවසන්.
ඒ වගේම මේ බස් රථයේ ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කොරියානු ප්‍රවාහන බලධාරීන් විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.
බස්රථය ස්වයංක්රීමයව ධාවනය වුවද එම බස්රථයේ ගමනාන්තය දක්වා කැමරා පද්ධතියක් ඔස්සේ නිරීක්ෂණය කිරීම සිදු කෙරෙනවා.
එමෙන්ම දියුණු තාක්ෂණික සංඥා ක්‍රම ඔස්සේ බස් රථයේ ගමන්මග පිළිබදව විශේෂ අධ්‍යනය කිරිමක් ද සිදු කෙරෙනවා.
කෙසේ වෙතත් දැනට සෝල් නගරය ආශ්‍රිතව පමණක් ක්‍රියාත්මක කෙරෙන මෙවැනි බස් රථ ඉදිරියේදී දකුණු කොරියාවේ අනෙකුත් නගරවලද ක්‍රියාත්මක කරවීම සිය අරමුණ බවයි කොරියානු රජය අවධාරණය කරන්නේ.