මස්කෙළිය ගවරවිල සමනල ස්භාව රක්ෂිතයට ඇතුල් වී අනවසරෙන් තාවකාලික කුඩාරම් ගැසූ පුද්ගලයන් 8 දෙනෙකු නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරින් විසින් අද(05) දින අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 25-30 වයස්වල පසුවන පුද්ගලයන් බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.
සැකකරුවන් දිවයිනේ විවිධ ප්රදේශවල පැමිණි අය බවත්, ඔවුන් හැටන් මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.