රජය ගෙන යන නව වැඩපිළිවෙළ හමුවේ සංචාරකයින්ගේ පැමිණීම තවදුරටත් ඉහළ යන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
අලුත්ගම ප්‍රදේශයේ ඉදිකළ විදෙස් සංචාරකයන් සඳහා දේශීය ආයුර්වේද ක්‍රම ඔස්සේ ප්‍රතිකාර ලබාගත හැකි ආයුර්වේද මධ්‍යස්ථානයක් විවෘත කරමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
මේදිනවල සංචාරකයින් විශාල පිරිසක් බෙන්තර මොරගල්ල සංචාරක කලාපයට පැමීණ සිටිනවා.
මෙවැනි මධ්‍යස්ථාන පිහිටුවීම තුලින් තවදුරටත් විදෙස් සංචාරකයින් මෙරටට ආකර්ෂණය කර ගත හැකි බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.