ශ්රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති පළමු එක්දින ක්රිකයට් තරගයේ කඩුළු 09 ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද සමත් වුණා.
තරගයේ ප්රථමයෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර 43යි පන්දු 04 කදි සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 178 ක් පමණයි.
ශ්රී ලංකා ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි පැතුම් නිශ්ශංක ලකුණු 09 කට දැවී ගියා.
කුසල් මෙන්ඩිස්ට ලබාගත හැකි වූයේ ලකුණු 02ක් පමණයි.
කමිදු මෙන්ඩිස් ලකුනු 03 ක් ලබා සිටියදී දුවද්දී දැවී යාමකට හසුවුණා.
නායක චරිත් අසලංකට ලකුණු ලබාගැනීමට හැකි වූයේ නැහැ.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අවිශ්ක ප්රනාන්දු ලකුනු 56 යි.
ජනිත් ලියනගේ ලකුණු 36 ක් රැස් කළා.
පන්දු යැවීමේදී මැට් හෙන්ඩ්රි කඩුළු 04 ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 26යි පන්දු දෙකකදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 180 ක් රැස් කරමින් තරගයේ ජය හිමි කරගත්තා.
තරගයේ වීරයා මැට් හෙන්ඩ්රි.