ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරවලින් පලස්තීනුවන් 70 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
මිය ගිය අය අතුරින් වැඩි පිරිසක් කාන්තාවන් සහ දරුවන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
සටන් විරාම සාකච්ඡා පැවැත්වෙන අතරතුර ප්‍රහාර එල්ල වී ඇති බව ද සඳහන්.
ගාසා තීරයේ සටන් විරාමයක් සහ සිය ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා පසුගිය සිකුරාදා සිට පැවැත් වෙන බවයි ඊශ්‍රායලය පවසන්නේ.
මේ අතර හැකි ඉක්මනින් සටන් විරාම ගිවිසුමක් ගාසාතීරයට අවශ්‍ය බව හමාස් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කර තිබෙනවා.