ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සියලු සේවා නව්‍යකරණයට ලක්කර ප්‍රතිකාර සේවාවන් වඩාත් පුළුල් කිරීමට තීරණය කෙරුණා.
රෝහලේ නව සංවර්ධන කාර්යන් සිදුකිරීම පිළිබද විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
රෝහල ආරම්භ කර වසර 40ක් පිරීම නිමිත්තෙන් රෝහලේ සියලු සේවාවන් වඩාත් පුළුල් කර තවත් ඵලදායී කිරීමට තීරණය කෙරුණා.
ඒ පිළිබද සොයා බැලීම සඳහා අමාත්‍යවරයා පසුගියදා නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
අමාත්‍යවරයා රෝහලේ සියලු අංශවල සේවක පිරිස් සමග සාකච්ඡා කළා.
1984 වසරේ දී ඇඳන් එක්දහස් එකක ධාරිතාවකින් ආරම්භ කළ ශ්‍රී ජයවර්ධනපුර මහරෝහල ජපන් රජයෙන් මෙරටට ලැබුණු පරිත්‍යාගයක්.
එමෙන්ම ජපන් ගෘහනිර්මාණ ශිල්පයට අනුව මෙම රෝහල ඉදිකර තිබෙනවා.