අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (3) පෙරවරුවේ පැමිණි යෝෂිත රාජපක්ෂ මහතා ඉන් පිටව ගොස් තිබෙනවා.
ඒ පැය දෙකකට ආසන්න කාලයක් ප්රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි.
කතරගම පිහිටි රජයේ ඉඩමක හිමිකාරීත්වය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා ගැනීම ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවනු ලැබුවා.
ඒ සඳහා ඔහු අද උදෑසන 10ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.