ලුණු හිඟයට විසදුමක් ලෙස ලුණු ආනයනය කිරීමට ද රජය අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව ජනවාරි 31 වනදාට පෙර ලුණු තොග මෙරටට ගෙන්වීමට බලාපොරොත්තු වන බවයි රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
ජාතික ලුණු සංස්ථාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේ ලුණු නිෂ්පාදන ධාරිතාව වැඩි කිරීමට පියවර ගන්නා බවයි.
යුද්ධය නිසා උතුරේ අතහැර දමා ඇති ලුණු නිෂ්පාදනාගාරවල කටයුතු යළි ආරම්භ කිරීම අපේක්ෂාව බව ඒ මහතා ප්‍රකාශ කළා.
දේශීය වෙළඳපොළ අවශ්‍යතාව සම්පුර්ණ කිරිමෙන් පසු ලුණු අපනයනය සඳහා ද යොමු වීමට බලාපොරොත්තු වන බවයි ඔහු ප්‍රකාශ කළේ.