පාර්ලිමේන්තු මැතිවරණයේ ආදායම් වියදම් වාර්තා නොදුන් අපේක්ෂකයින්ගේ තොරතුරු පොලීසිය වෙත භාරදීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ජාතික මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා පවසනවා.
2023 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වී ආදායම් වියදම් වාර්තා ලබා දෙන ලෙසට මීට පෙර අවස්ථා කිහිපයකදීම ජාතික මැතිවරණ කොමිසම අදාළ අපේක්ෂකයින්ට දැනුම් දුන්නා.
එහෙත් තවමත් ඇතැම් අපේක්ෂකයින් මෙම වාර්තා ලබා දී නැති බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.
එසේ භාර නොදුන් අපේක්ෂකයින්ගේ නාමලේඛණය පොලීසියට ලබාදීමට මැතිවරණ කොමිසම කටයුතු කර තිබෙනවා.
මේ වනවිටත් දිස්ත්රික් තේරීම් භාර නිලධාරීන් ඊටඅදාළ ලිපි ගොණු පොලීසිය වෙත භාරදීමේ ක්රියාවලිය සිදු කරන බවයි ජාතික මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.