මාතර බන්ධනාගාරය තුළ ඇති ගසක අත්තක් කඩා වැටීමෙන් එක් රැඳවූවෙකු මිය ගොස් තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මාතර බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක් මතට ගසක අත්තක් කඩා වැටීම හේතුවෙන් රැඳවූවන් 12 දෙනෙකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුලත් කෙරුණා.
එහිදී එක් අයෙකු මිය ගිය අතර ඉතිරි 11 දෙනා එම රෝහලේ ප්රතිකාර ලබමින් සිටිනවා.
ඉන් එක් අයකුගේ තත්ත්වය බරපතළ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
ගොඩනැගිල්ල ආසන්නයේ පිහිටි බෝ ගසක අත්තකුයි මෙලෙස කඩා වැටී ඇත්තේ.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ 34 හැවිරිදි අයෙක්.
ඔහු මිදිගම ප්රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධියත් සමග ඉතිරි රැඳවියන් කළහකාරී ලෙස හැසිරුණ ද කඩිනමින් තත්ත්වය පාලනය කර ගැනීමට හැකිව තිබුණා.
මාතර හා අවට පොලිස් ස්ථානවල නිලධාරීන් විශේෂ කාර්ය බලකාය හා යුද හමුදාව මෙන්ම ගාල්ල බන්ධනාගාරයෙන් ද අමතර නිලධාරීන් යොදවා බන්ධධනාගාරය තුළ ආරක්ෂාව තර කිරීමට පියවර ගැණුනා.