ලොව පුරා ජනතාව 2024 වසරට සමු දෙමින් – 2025 වසරේ උදාව මහත් හරසරින් සැමරීමට එක්ව සිටියා.
නව වසර පළමුවෙන්ම උදාවුණේ කිරිබාටි රාජ්‍යටයි.
කිරිබාටි රාජ්‍යයට නව වසර මුලින්ම උදා වුවද එය සැමරූ ලොව පළමු ප්‍රධාන නගරය වන්නේ නවසිලන්තයේ ඕක්ලන්ඩ් නගරයයි.
ඉන්පසු ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළ තිරයට නව වසර උදා වුණා.
ජපානය හා දකුණු කොරියාවද නව වසර මහත් හරසරින් පිළිගත්තා.
ආසියානු කලාපයෙන් තායිලන්තය පළමුව උදා වූ අවුරුද්ද සැමරූ අතර ඔවුන්ගේ සැමරුම් අතර බෞද්ධ ආගමික කටයුතුද දක්නට ලැබුණා.
මැද පෙරදිග කලාපීය රටවල් ද අවුරුදු උදාව ඉහළින් සැමරූ අතර ඩුබායිහි බර්ජ් කලීෆා කුලුන සුපුරුදු පරිදි විදුලි ආලෝකයෙන් සහ මල් වෙඩිවලින් අලංකාරවත් වුණා.