ගුවන් අනතුරෙන් පසු දකුණු කොරියාවේ සතියක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
දකුණු කොරියාවේ මුආන් ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට උත්සාහ කිරීමේදී පුද්ගලයින් 181 දෙනෙකු රැගත් මගී ප්‍රවාහන ගුවන් යානයක් ඊයේ (29) අනතුරට ලක්වුණා.
ඉන් මියගිය සංඛ්‍යාව 179ක්.
ජේජු ගුවන් සේවයට අයත් බෝයිං 737 – 800 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන්යානය, තායිලන්තයේ බැංකොක් නුවර සිටයි දකුණු කොරියාවට පැමිණ තිබුණේ.
එහි ගමන්ගත් 175 දෙනෙකු මගීන් වූ අතර, ඉතිරි 6 දෙනා කාර්ය මණ්ඩල සාමාජිකයින්.
යානය මුආන් ගුවන්තොටුපොළට ගොඩබැස්මේදී එහි වේගය පාලනය කරගැනීමට නොහැකිව ධාවන පථයෙන් ඉවතට ඇදීගොස් එහි තාප්පයක ගැටීමෙන් පිපිරීමට ලක්වුණා.
මාධ්‍යවලට අනුව යානයේ සිටි මගීන් 175 දෙනාගෙන් 173 දෙනෙකුම දකුණු කොරියානුවන් වන අතර, ඉතිරි දෙදෙනා තායිලන්ත ජාතිකයින්.
දැවැන්ත මෙහෙයුමෙන් පසු බේරාගෙන තිබුණේ යානයේ සිටි පිරිසෙන් දෙදෙනෙක් පමණයි.
ඔවුන් දෙදෙනාම කාර්ය මණ්ඩල සාමාජිකයන්.
කුරුල්ලන් යානයේ ගැටීම ද අනතුරට හේතුවන්නට ඇතැයි විශ්වාස කෙරෙනවා.