ජපානයේ සුසුකි සමාගමේ හිටපු සභාපති ඔසාමු සුසුකි අභාවප්‍රාප්ත වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔහු මිය යන විට 94 වන වියේ පසුවුණා.
1930 වසරේ ජපානයේ ගිෆු ප්‍රදේශයේ උපත ලැබු ඔසාමු සුසුකි සමාගමේ සභාපති තනතුරට පත් වන්නේ 1978 වසරේදී බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
ජපානය මෙන්ම ඉන්දියාවේ ද මෝටර් රථ වෙළඳපොළ සවිමත් කිරිමේ දී ඔහු ප්‍රධාන කාර්යක් ඉටුකළා.
ඔසාමු සුසුකි දශක 4කට වැඩි කාලයක් ජපානයේ සුසුකි මෝටර් සමාගමට නායකත්වය ලබාදුන්නා.
අඩු වියදමකින් වාහනයක් නිර්මාණය කිරිමේ අවශ්‍යතාව අනුව විශේෂ වු මිල අඩු මෝටර් රථ නිෂ්පාදනයට ඔහු පියවර ගත්තා.
සුසුකි සමාගම ලොව පුරා ප්‍රසිද්ධියට පත්වීමටය එය හේතුවක් වුණා.
ඔහු සුසුකි සමාගමෙන් විශ්‍රාම ගන්නා විට ජපන් යෙන් බිලියන 323 සිට ජපන් යෙන් ට්‍රිලියන 3.18ක් දක්වා සුසුකි සමාගමේ ආදායම වර්ධනය කර තිබුණා.