ඉන්දුනීසියානු නාවික හමුදාවේ SIGMA – CORVETTE වර්ගයට අයත් නෞකාවක් වන ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව නිල සංචාරයක් සඳහා අද ( 28) උදෑසන කොළඹ වරායට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කර තිබෙනවා .
මෙලෙස කොළඹ වරායට පැමිණි ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව, දිගින් මීටර් 90.71 ක් හා නැව් මුළුව 120 ක ගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් ANUGERAH ANNURULLAH කටයුතු කරනු බවයි සඳහන් වන්නේ .
තවද, ‘KRI SULTAN ISKANDAR MUDA-367’ නෞකාව දිවයිනේ රැඳී සිටින කාල සීමාව තුලදී එහි නැව් මුළුව දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා සහභාගී වීමට නියමිතව ඇති අතර, මෙම නෞකාව නිල සංචාරය නිමාකරමින් 2024 දෙසැම්බර් මස 30 වැනි දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි .