බස් රථයක් විකිණීම සඳහා අන්තර්ජාලයේ දැන්වීම් පළකර පුද්ගලයෙකුගෙන් රුපියල් 50,000 ක මුදලක් ලබාගෙන බස් රථය ලබා නොදුන් ගුවන් හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත් බව මැල්සිරිපුර පොලිසිය පවසනවා .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කරනු ලබන හඳපාන්ගොඩ ප්රදේශයේ පදිංචි (29) ගුවන් හමුදා සෙබළෙක් .
සැකකරු විසින් අන්තර්ජාලයේ පළ කර තිබූ දැන්වීමකට අනුව මැල්සිරිපුර ප්රදේශයේ පදිංචි හෝටල් හිමියකු සමඟ දුරකථනයෙන් ගනුදෙනු කතාබහ කර අත්තිකාරම් වශයෙන් රුපියල් 50,000ක මුදලක් සැකකරුගේ ගිණුමට ගෙන්වාගෙන තිබෙනවා .
පසුව බස් රථය ලබා නොදී විශ්වාසය කඩ කර ඇති බවයි පොලිසිය පවසන්නේ .
ඒ අනුව කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර මැල්සිරිපුර පොලිසිය වදුදුර විමර්ශන සිදුකරනු ලබනවා .