විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ ජනතාවගෙන් වාචික අදහස් ලබා ගැනීම අද ආරම්භ වනවා.
එම යෝජනාව පිළිබඳ ලිඛිත අදහස් ලබා ගැනීම පසුගිය 17 වනදා සිට සිදුවු අතර සියලු පළාත් ආවරණය වන පරිදි වාචික අදහස් ලබා ගැනීම ජනවාරි මස 10 වනදා දක්වා සිදුවන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසන්නේ.
පළමු සැසිය ආරම්භ වන්නේ මධ්යිම පළාතෙන්.
විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අදහස් ලබා දීම සඳහා කොමිෂන් සභාවේ ලියාපදිංචි වීමේ හැකියාව ද පවතිනවා.
වාචික සහ ලිඛිත අදහස් ලබා ගැනීමෙන් අනතුරුව අවසන් වාර්තාව ජනවාරි 17වනදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කළේ.