මැලේසියාවේ පැවති ” පෙස්ටා ” ආරාධිත හොකී තරගාවලියට සහභාගී වූ ශ්රී ලංකා පාසැල් වයස අවුරුදු 18 න් පහළ කාන්තා මෙරූන් කණ්ඩායම , එහි ශූරතාවය දිනා ගෙන ඊයේ (26) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
මෙම තරගාවලිය මැලේසියාවේ ෆිනෑන්ග් නුවර ඉකුත් (20) දින සිට (22) දින දක්වා පවත්වුණා.
මෙම තරගාවලිය සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීම සදහා පාසැල් හොකී සංගමයේ ක්රීඩක ක්රීඩිකාවන් 68 දෙනෙකු සහභාගී වී සිටියා.
මෙම ශ්රී ලාංකික හොකී ක්රීඩක ක්රීඩිකාවන් පිරිස (26) දින පස්වරු 04.00 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 315 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ඔවුන් පිළිගැනීම සඳහා මෙම ක්රීඩක ක්රීඩිකාවන්ගේ දෙමාපියන් විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.