මෙරට සංචාරය සඳහා පැමිණ රුපියල් ලක්ෂ 5 ක පමණ වටිනාකමකින් යුතු ජංගම දුරකථන දෙකක් ථූපාරාමය පූජා භූමිය තුලදී අස්ථානගතකරගත් ඕස්ට්‍රේලියානු ජාතික යුවලකට ඔවුන්ගේ එම නැතිවූ ජංගම දුරකථන දෙක කෙටි කාලයක් තුල ආපසු සොයා දුන් අනුරාධපුර පොලිස් සංචාරක කාර්යාංශයේ විමර්ශනය දිග හරිනු ලබනවා .
මෙම යුවල 2012.12.18 වන දින උදෑසන අනුරාධපුර ථූපාරාමය පුද බිම වෙත පැමිණ අනතුරුව අස්ගිරිය නැරඹීම සඳහා යන අතරතුර තමන් සතුව තිබූ දුරකථන දෙක නොමැති බව වැටහී අනුරාධපුර පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ .
දුරකථනය අවසන්වරට දුටු තැන ලෙස ප්‍රකාශකළ පාවහන් ගලවා තබන ස්ථානයේ සිට විමර්ශන අරඹා ඇති එම කාර්යංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක A.W.M. සුරේෂ් සන්තක අතපත්තු මහතා විදෙස්ගතව සිටන විහාරස්ථානය භාරකාර ස්වාමීන් වහන්සේ දුරකථනයෙන් සම්බන්ධ කරගෙන CCTV දර්ශන පිරික්සා බලන විට පාවහන් ගලවන ස්ථානයේ පැති බැම්ම උඩ තැබූ දුරකථන දෙක අමතක කර යන විදෙස් යුවලත්, එම දුරකථන දෙක රැගෙන බසයකට ගොඩවන නාදුනන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු හඳුනාගෙන තිබෙනවා .
CCTV දර්ශන ඔස්සේ බස් රථයේ අංක තහඩුව ඉතා අසීරුවෙන් හඳුනාගෙන මෝටර් රථ ප්‍රවාහන අධිකාරිය හරහා බස් රථයේ හිමිකරු සම්බන්ධකරගනිමින් මගින් එදින බස් රථය ගාල්ල සිට යාපනය දක්වා වන්දනා නඩයක් රැගෙන ගමන් ගෙන ඇති බව අනාවරණය කරගෙනතිබෙනවා .
ඒ අනුව වන්දනා නඩයේ ප්‍රධානියා, එනම් නඩේගුරා සම්බන්ධකරගනිමින් දුරකථන දෙක රැගෙන ගිය කාන්තාව හා පුද්ගලයා රත්ගම පොලිස් ස්ථානය වෙත ගෙන්වාගෙන 2024.12.21 වන දින දුරකථන දෙක පොලිස් බාරයට ගැනීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ .
අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් 2024.12.21 වන දින පැවැත්වූ සංචාරක හෝටල් හිමියන් දැනුවත් කිරීමේ අවස්ථාවකදී අදාල දුරකථන දෙක හරියාකාරව විදේශික යුවලට භාරදීමට පොලිස් පරීක්ෂක A.W.M. සුරේෂ් සන්තක අතපත්තු මහතා කටයුතු කර ඇති අතර එහිදී දින දෙකක පමණ කෙටි කාලයක් තුලදී දුරකථනය සොයාදීමට හැකි වූ විමර්ශනය පිළිබඳව විදේශික යුවල දැනුවත් වී ශ්‍රී ලංකා පොලිසියේ කැපවීම ඇගයීමට ලක් කර තිබෙනවා .