දිවයින පුරා විවිධ ප්රදේශවලට ගොස් නිවාස හා රන්භණඩ වෙළඳසැල් විසි එකකට අධික ප්රමාණයක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල් රන් භාණ්ඩ ජංගම දුරකථන ඇතුළු දේපළ සොරා ගත් කණ්ඩායමක් ගම්පොල ගලහා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
යාපනය ප්රදේශයේ සොරකම් තුනක්ද වව්නියා ඉච්චකුලම් සොරකම් හතරක්ද යාපනය කයිට්ස් සොරකම් තුනක්ද වවුනියා මාමණ්ඩු සොරකම් තුනක්ද ගම්පල ගලහා ප්රදේශය සොරකම් හතක්ද නුවරඑළිය කඳපොළ ප්රදේශය සොරකම් හතක්ද දැනට මොවුන් සිදු කර ඇත් බව අනාවරණය වී ඇත් බවයි පොලිසිය පවසන්නේ.
මොවුන්ගේ ප්රධාන ඉලක්කය වී ඇත්තේ ඒ ඒ ප්රදේශවල රන් භාණ්ඩ වෙළඳසැල්, කෝවිල් වල මුදල් පෙට්ටි හා ජංගම දුරකථන හා මුදල්.
ඒ අනුව ගලහා ප්රදේශයේ රන් භාණ්ඩ වෙළඳසැල් තුනක් කෝවිලක් හා ඖෂධ වෙළඳ සැලක් බිඳ රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරාගෙන ඇති අතර ඖෂධ හලෙන් මුදල් රුපියල් ලක්ෂ දොළහක් සොරාගෙන තිබෙනවා.
මොවුන්ට යාපනය අධිකරණ බල ප්රදේශයෙන් පමණක් වරෙන්තු නවයක් ඇති බව ගලහා පොලිසිය පවසනවා.
යාපනය ප්රදේශයේ පදිංචිකරුවන් වූ මොවුන් වසර හතරක් පුරා මෙසේ සොරකම් වල යෙදී ඇති අතර අධිකරණවලින් නිකුත් වූ වරෙන්තු සමඟම ඔවුන් කාලෙන් කාලෙට මාතලේ ,කඳපොළ ,ගලහා ආදි ප්රදේශවලට ගොස් කුලියට නිවෙස් ගෙන එහි සිට මෙම සොරකම් සිදු කොට තිබෙනවා.
යාපනය ප්රදේශයේ තාලි සමග රන් මාල හා මුදල් කොල්ලකා ඇත්තේ එම නිවාස ගොස් පිහි හා කියත් වැනි ආයුධ රැගෙන නිවැ සිියන් බිය කරමින් බවයි අනාවරණය වී ඇත්තේ.
මොවුන් අවුරුදු දහනමය විසි එක විසදෙක 23 26 වැනි වයස්වල පසු වන්නන් බවයි පොලිසිය පවසන්නේ.
දිවයින පුරා සොරකම් කරන ලද රන් භාන්ඩ වලින් කොටසක් යාපනය ප්රදේශයේ උගස් කඩයකින් සොයාගෙන තිබෙනවා.
සොරා ගන්නා ලද ජංගම දුරකථනයකට මෙහි සිටින ලාබාල වයස්කරු ඔහුගේ දුරකථන සිම්පතක් දැමීමත් සමග තාක්ෂණය ඔස්සේ ගොස් මොවුන් කොටු කරගෙන තිබෙනවා.
සියලු සැකකරුවන් මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.