ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන් මහතා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ නිරික්ෂණ චාරිකාවකට එක්වුණා.
ධිවර ප්‍රජාව සහ වෙළෙඳ සංගම්වලට බලපා ඇති ගැටලු සම්බන්ධයෙන් මෙහිදි සාකච්ජා කෙරුණා.
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකිර්ණය වෙත පැමිණි ධීවර අමාත්‍යවරයා එහි කටයුතු පිළිබඳ සොයා බැලුවා.
වෙළද සංකිර්ණයේ පවතින ගැටලු සම්බන්ධයෙන් වෙළෙඳ සංගමයෙන්ම ව්‍යාපාරිකයින් මෙහිදි අමාත්‍යවරයා දැනුවත් කළා.
අධි ශීතාගාර ක්‍රියාත්මක නොවිම, අතිරික්ත මාලු කල් තබා ගැනිමට ක්‍රමවේදයක් නොමැති විම ඇතුළු ගැටලු පිළිබද මත්ස්‍ය ව්‍යාපාරිකයන්ද අමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කළා.
මත්ස්‍ය වෙළෙඳ සංකිර්ණය නවීකරණය කිරිම සඳහා රජය පියවර ගන්නා බවයි අමාත්‍යවරයා මෙහිදි කියා සිටියේ.
රත්නගමගේ සහ සුනිල් වටගල යන නියෝජ්‍ය අමාත්‍යවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.