අල්ලස් කොමිසම ග්රාමනිලධාරීවරයෙකුට එරෙහිව ගොනුකළ නඩුවකදී ඔහු නිදහස් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ ගොනුකළ ප්රතිශෝධන නඩුවේදී එය නැවත විභාගයට ගැනීමට නියෝග කර තිබෙනවා.
දැරණියගල ප්රදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්ත ග්රාමනිලධාරීවරයෙකු දැව ප්රවාහන බලපත්රයක් ලබාදීම සඳහා අල්ලස් ගැනීමේ චෝදනාවට අල්ලස් කොමිසම මගින් නඩු පවරා තිබුණා.
කොළඹ මහාධිකරණයෙන් විභාග වූ මෙම නඩුවෙන් අදාළ ග්රාමනිලධාරීවරය නිදහස් කෙරුණා.
ඊට එරෙහිව අල්ලස් කොමිසම අභියාචනාධිකරණයේ නඩු පැවරුවා.
එම ප්රතිශෝධන නඩුව සලකා බැලූ අභියාචනාධිකරණය තීන්දු කළේ මහාධිකරණය දුන් නියෝගය අහෝසි කිරීමටයි.
නැවත යළි විභාග කර තීන්දුව ලබා දෙන ලෙසද නියෝග කෙරුණා.