අනුරාධපුර පුත්තලම මාර්ගයේ ගොරකාන වැව ප්‍රදේශයේ මාර්ගය දෙපස ආලෝක පද්ධතියක් ස්ථාපිත කිරීම අද ආරම්භ කෙරුණා.
මෙම මාර්ග කොටසේ දී වන අලි ගැටීමෙන් අනතුරු වැඩි වශයෙන් සිදුවන බවට හඳුනාගෙන තිබෙනවා.
අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීමේ වැඩපිළිවෙළ මේ වනවිට ආරම්භ කර තිබෙනවා.
ඒ වෙනුවෙන් කෙටිකාලීන / මධ්‍ය කාලීන මෙන්ම දිගුකාලීන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සැළසුමයි.
එහි කෙටිකාලීන පියවරක් ලෙස මාර්ගය දෙපස ආලෝක පද්ධතියක් ස්ථාපිත කිරීම සිදුකෙරෙනවා.
මෙම කටයුතු අද ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සේන නානායක්කාර සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
උතුරුමැද පළාත් සභාව ආණ්ඩුකාර කාර්යාලය / වනජීවී දෙපාර්තමේන්තුව මෙන්ම පොලීසියේ සහ ප්‍රදේශවාසීන්ගේ සහාය මේ සඳහා ලැබී තිබෙනවා.