ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉදිරි වසර පහ තුළ දී තවත් දියුණු මට්ටමට ගෙන එන බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
2022 වසරේ පැවති අපොස උසස් පෙළ විභාගයෙන් සමත්ව විශ්වවිද්‍යාල වරම් ලැබු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සමුපකාර බැංකුවේ සාමාජිකයන්ගේ දූ දරුවන් සදහා ශිෂ්‍යාධාර පිරිනැමිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
නියෝජ්‍ය අමාත්‍ය ජනිත් කොඩිතුවක්කු මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.