අනුරාධපුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය අමාත්‍ය අනුර කරුණාතිලක මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා.
උපයා මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ 2016 වසරේ දී අනුරාධපුර නගර සංවර්ධනයට සැලසුම් 6ක් ඇතුලත් වුණා.
එහි එක් පියවරක් ලෙසටයි බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය ඉදිකිරීමට සැලසුම් කෙරුණේ.
මේ සඳහා ප්‍රංශ නියෝජිත ආයතනයේ ණය පහසුකම් ලබා ගැනීමට තීරණය වුණා.
කෙසේ වුවද ව්‍යාපෘතියෙන් මේ වන විට අවසන් වී ඇත්තේ 53%ක් පමණයි.
ව්‍යාපෘතිය ඉදිකිරිමේ කාර්යක්ෂමතාව දුර්වල මට්ටමක පවතින බවයි මෙම සංචාරයේ දී හෙළිකර ගැනුනේ.
අමාත්‍ය අනුර කරුණාතිලක මහතාට අමතරව නියෝජ්‍ය අමාත්‍ය ටී බී සරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර යන මහත්වරුන් ද එක්වුණා.
උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා ද එයට සහභාගි වී සිටියා.
වැඩබිම තුළ දී සේවකයන් සමග ද මෙම මැති, ඇමතිවරුන් සාකච්ඡා කළා.