හැටන් ප්රදේශයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හැටන් මල්ලියප්පුව ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන තේවත්තකට පෙරලී යාමෙන් අනතුර සිදු වුණා.
බස් රථයේ ගමන්ගත් පුද්ගලයන් 25 දෙනෙකු අනතුරින් තුවාල ලබා ඇති අතර ඔවුන් දික්ඔය මූලික රෝහලට සහ වටවල ප්රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුරට හේතුව මෙතෙක් හෙළිව නැහැ. සි
ද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනවා.