විපක්ෂය රටේ ආර්ථිකය සම්බන්ධව සෑමවිටම විවේචන ඉදිරිපත් කළ යුත්තේ අයි.එම්.එෆ් රාමුව මත සිට යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
විපක්ෂයක් සාමාන්‍යයෙන් ආණ්ඩුවකට ප්‍රශංසා කරන්නට යන්නේ නැති වුවත් කරන විවේචන අයි.එම්.එෆ් රාමුව ඇතුලේ සිට කළ යුතු යැයිද ඔහු කීය.
ආණ්ඩුවට මෙන්ම විපක්ෂයටත් අයි.එම්.එෆ් රාමුවෙන් පිට කටයුතු කිරීමට හැකියාවක් නැතැයි ද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.