2015 වසරේ සිදු වූ මහ බැංකු බැඳුම්කර සම්බන්ධ සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වූ අජාන් ගාර්දිය පුංචි හේවා යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා .
අදාළ පැමිණිල්ල අද (19) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසිනුයි මෙම නියෝගය නිකුත් කළේ.
මෙම සැකකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මීට පෙර අධිකරණය විසින් නොතිසි නිකුත් කර තිබෙනවා .
එහෙත් පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී එම විත්තිකරුවන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කිරීමට නියම කෙරුණේ .