පේරාදෙණිය, මුරුතලාව ප්රදේශයේ දී කාන්තාවක් ළිදකට වැටී මියගොස් තිබෙනවා.
මරණකාරිය වයස අවුරුදු 74ක් වූ මුරුතලාව ප්රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.
මෙම කාන්තාව සිහිමද බවින් පසුවන කාන්තාවක් වන අතර, සිය මව නිවසේ නොසිටීම හේතුවෙන් ඇයගේ දියණිය විසින් සිදුකරන ලද සොයා බැලීමේ දී නිවස ආසන්නයේ ඇති ළිඳකට වැටී සිටිනු දැක ඇතිබවයි පොලිසිය සඳහන් කළේ .