නවගත්තේගම පොලිස් වසමේ තරණගහවැව ප්රදේශයේදී ගැහැණු දරුවෙකුට ඊයේ (18) රාත්රී කාලයේදී විදුලි සැර වැදී පුත්තලම රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව නවගත්තේගම පොලිසිය සඳහන් කරනවා.
මියගිය දැරිය වයස අවුරුදු 14ක් වූ ඉහලකුරුකැටියාව, නවගත්තේගම ප්රදේශයේ පදිංචිකාරියක්.
අනාරක්ෂිත විදුලි රැහැනක් මගින් බ්රෙන්ඩරයකට විදුලිය ලබා ගෙන එය ක්රියාත්මක කිරීමට යාමේදී විදුලි සැර වැදී මෙම මරණය සිදුව ඇති බවටයි විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.