පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කළා.
ඉස්ලාම් දහමට අපහාස කළේ යැයි චෝදනා කරමින් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.
එම නඩුවට අද පෙනී නොසිටීම හේතුවෙනුයි උන්වහන්සේට වරෙන්තු නිකුත් කෙරුණා.
මෙම නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.
ඥානසාර හිමියන්ගේ නීතිඥවරයා පැවසුවේ උන්වහන්සේ අසනීපවෙන් පසු වන බවයි.
ඒ අනුව තීන්දුව ප්‍රකාශ කිරීම ජනවාරි 09 වනදා තෙක් කල් තැබුණා.