නීති සම්පාදන ක්‍රියාවලියේදී ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඉහළ නැංවීම වෙනුවෙන් ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී ව්‍යවස්ථාදායක කෙටුම්පත් සකස්කිරීම පිළිබඳ වැඩමුළුවක් පසුගිය 14 සහ 15 යන දෙදින පකිස්ථානයේ පාර්ලිමේන්තු සේවා ආයතනයේදී පවත්වා තිබෙනවා .
ඒ පකිස්ථානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ලේකම් ෂාහිදා රෙහ්මානි මහත්මියගේ ප්‍රධානත්වයෙන්.
මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නියෝජ්‍ය සම සභාපති නීතිඥ ගරු චමින්ද්‍රානි කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සාමාජික ගරු ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්මීන් ද සහභාගී වී තිබෙනවා .
මෙම වැඩමුළුවේදී ජාත්‍යන්තර ප්රමිතීන් සහ නීතිමය රාමු, අදාළ කලාපවල හොඳම භාවිතයන් සහ වර්තමානයේ පවතින ව්‍යවස්ථාදායක හිඩැස් හඳුනා ගැනීම කෙරෙහි අවධානය යොමු කරමින් ස්ත්‍රී පුරුෂ සමාජභාවයට සංවේදී නීති සම්පාදනය පිළිබඳ අවධානය යොමු කර තිබෙන බවයි වාර්තා වන්නේ .
එමෙන්ම ප්‍රායෝගික ක්‍රියාකරකම් සමගින් පනත් කෙටුම්පත් සකස්කරන ආකාරය හා ඒවායේ ශිල්පීය ක්‍රම පිළිබඳව අවබෝධය ලබාදීම ද මෙම වැඩමුළුවේදී සිදුකර තිබෙනවා .
මෙම වැඩමුළුව පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති සයිනාබ් ගිම්බා, මාලදිවයින් පාර්ලිමේන්තු මන්ත්‍රී අස්මා රෂීඩ් යන මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා .