හොරොව්පොතාන ,ඇලපත්වැව ප්රදේශයේ පිහිටි පෙර පාසලක මිදුලේ සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවෙකුගේ ඇඟට ගසක අත්තක් කඩා වැටී අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඊයේ(16) දින මියගොස් ඇති බව පොලීසිය පවසනවා .
මෙලෙස මියගොස් ඇත්තේ , ඇලපත්වැව, මොරකෑව හොරොව්පොතාන පදිංචිව සිටි ආර්.කේ. නෙසදු දුලාෂ් පෙරේරා නැමැති වයස අවුරුදු 5යි මාස 6ක පිරිමි දරුවෙක් .
මොරකැව ප්රදේශයේ පෙර පාසලක ඉගෙනුම ලබමින් සිටි මෙම දරුවා පසුගිය 12 දා පෙර පාසල් අවසන් වීමෙන් අනතුරුව සෙල්ලම් කරමින් සිටියදී, ගසක අත්තක් කඩා වැටී අනතුර සිදුව තිබූ බව පොලිසිය පවසනවා .
එදින පෙර පාසල නිම වීමෙන් අනතුරුව පෙර පාසල් ගුරුවරිය දෙමාපියන් පිරිසක් කැඳවා, පෙර පාසලේ වර්ෂ අවසාන විවිධ ප්රසංගය සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටියදී, එම දරුවා ගල් කැට රැගෙන ඒ ආසන්නයෙන් සෙල්ලම් කරමින් සිට ඇති බවයි දරුවාගේ මවගේ ප්රකාශ වල සටහන්ව තිබෙන බවයි වාර්තා වන්නේ .