2024 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇති අතර, මේ වසරේ දෙසැම්බර් 13වන විට එම ප්‍රමාණය 300,162 ක් වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කරනවා .
පසුගිය වසර 10 ක කාලයකදී ශ්‍රමිකයින් ලක්ෂ 3ක ප්‍රමාණය ඉක්මවා ගිය දෙවන අවස්ථාව මෙය වන අතර, මීට පෙර 2022 වර්ෂයේදී ශ්‍රමිකයින් 310,948 ක් රැකියා සඳහා විදේශ ගතවී තිබෙන බවයි වාර්තා වන්නේ .
2024 වර්ෂය තුළදී පිරිමි ශ්‍රමිකයින් 177,804 හා කාන්තාවන් 122,358 ක් රැකියා සඳහා විදේශ ගතවී තිබෙනවා .
අදාළ කාලය තුළ විදේශ ගතවූ මුළු සංඛ්‍යාවෙන් කාන්තාවන් රැකියා සඳහා විදේශ ගතවීම සියයට 40.7ක් වන අතර පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීම මුළු සංඛ්‍යාවෙන් සියයට 60 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා .
මෙම කාලය තුළ ස්වයං මාර්ගයෙන් විදේශ ගතවූ ප්‍රමාණය 184,140 ක් වන අතර, විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් 116,022 දෙනෙකු විදේශ ගතවී තිබෙන බවයි වාර්තා වන්නේ .
ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කුවේට් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 73,995 ක් වන අතර දෙවනුව වැඩි වශයෙන් විදේශ ගතවී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 49,499 ක් .
කාර්යාංශයේ සංඛ්‍යාලේඛන අනුව පෙනී යන වැදගත් කරුණක් වනුයේ පෙර වර්ෂවලට සාපේක්ෂව දකුණු කොරියාව, ඊශ්‍රායලය, රුමේනියාව හා ජපානය වැනි රටවල රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුවීමේ වැඩි නැඹුරුවක් පෙන්නුම් කිරීමයි.
ඒ අනුව 2024 වර්ෂය තුළදී දකුණු කොරියාවේ රැකියා සඳහා ලාංකිකයින් 7,002 දෙනෙකුද, ඊශ්‍රායලයේ රැකියා සඳහා 9,211 දෙනෙකුද, රුමේනියාවේ රැකියා සඳහා 10,274 දෙනෙකු හා ජපානයේ රැකියා සඳහා ලාංකිකයින් 8,251 දෙනෙකු පිටත්ව ගොස් තිබෙනවා .
2024 වර්ෂය අවසානය වන විට රැකියා සඳහා විදෙස් ගතවන ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය 311,000 ඉක්මවා යනු ඇතැයි කාර්යාංශය අපේක්ෂා කරනවා .
විදෙස්ගත ශ්‍රමිකයින්ගෙන් මෙරටට ලැබෙන විදේශ විනිමය ප්‍රමාණයද මෙම කාලසීමාව තුළදී සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව 2024 නොවැම්බර් මාසය දක්වා ඇමරිකානු ඩොලර් මිලියන 5961.6 ක් මෙරටට ලැබී තිබෙනවා .