චීනයේ ඇතැම් නිෂ්පාදිවලට ඇමරිකාවේ අංක 301 දරන තීරු බදු වගන්තියට අනුව ක්‍රියාත්මක බදු අනුපාතය තවදුරටත් ඉහළ නැංවීමේ ඇමරිකානු තීරණයට චීනය ප්‍රතිචාර දක්වා තිබෙනවා.
චීනයෙන් ආනයනය කෙරෙන ටංස්ටන් නිෂ්පාදිත, Polysilicon ඇතුළු නිෂ්පාදිත කෙරෙහි ‘301 තීරු බදු’ අතිරේකව පනවන බව පසුගියදා(11) ඇමරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය නිවේදනය කර තිබෙනවා.
මේ පිළිබඳව අදහස් දක්වමින් අද(16) චීන වාණිජ අමාත්‍යංශයේ ප්‍රකාශක චීනයේ ස්ථාවරය පැහැදිලි කළා.
ඇමරිකාව චීන නිෂ්පාදිත කෙරෙහි ‘301 තීරු බදු’ පැනවීම ලෝක වෙළඳ සංවිධානයේ උපමාන උල්ලංඝනය කර ඇති බව එම සංවිධානය කාලයකට පෙරම තීන්දු කර ඇති බවයි චීනය පවසන්නේ.
ඇමරිකාවේ මෙවන් විධිවිධාන එරට වෙළඳ හිඟය හා කර්මාන්ත තරගකාරීත්වය මුහුණ පා ඇති ප්‍රශ්නවලට කිසිදු අයුරකින් විසඳුම් ක්‍රියාමාර්ගයක් නොවනු ඇති බව ද චීනය පවසනවා.
ඉන් සිදු වනුයේ, ඇමරිකාවේ උද්ධමනය ඉහළ යාම හා ඇමරිකානු පාරිභෝගිකයින්ගේ ප්‍රතිලාභවලට හානි සිදුවීම බව ද සඳහන් වනවා.
ජාත්‍යන්තර ආර්ථික වෙළඳ පටිපාටිය හා ගෝලීය කර්මාන්ත හා සැපයුම් දාමයන්හි සුරක්ෂිතතාවය හා ස්ථාවරත්වය ද මෙමගින් බරපතල ලෙස විනාශ කෙරෙනු ඇති බව චීන නියෝජිතයා කියා සිටියා .
ඇමරිකාව කඩිනමින් සිය වරද නිවැරදි කර චීන නිෂ්පාදිත කෙරෙහි පැනවූ අතිරේක තීරු බදු අහෝසි කළ යුතු බවත් සිය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට චීනය අනිවාර්ය පියවර ගැනීමට දැඩිව සූදානම් බවත් චීනය අවධාරණය කරනවා.