හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ආරක්ෂකයා වන නෙවිල් වන්නිආරච්චි සහ යෝෂිත රාජපක්ෂ යන අය ප්රශ්න කිරීමක් සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (16) කැඳවා තිබුණා.
එහෙත් ඔවුන් වෙනුවට එහි පැමිණ සිටියේ ඔවුන්ගේ නීතිඥවරුන්.
නීතිඥවරුන් ප්රකාශ කර තිබුණේ යෝෂිත රාජපක්ෂ මහතා මේ වන විට විදෙස් සංචාරයක නිරත වන බවයි.
නෙවිල් වන්නිආරච්චි මහතා පෞද්ගලික සංචාරයක නිරත වන බැවින් පැමිණීමට අපහසු වන බව ද නීතිඥවරුන් පවසා තිබෙනවා.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදුකෙරෙන පරීක්ෂණයකට අදාළව ප්රකාශයක් සටහන් කර ගැනීමටයි ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ.