නව කතානායකවරයා ලෙස වෛද්‍ය ජගත් කුමාර වික්‍රමරත්න මහතා පත්කෙරුණා.
හිටපු කතානායක අශෝක රන්වල මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ කතානායක ධුරය සඳහායි මෙම පත් කිරීම සිදුකෙරුණේ.
ව්‍යවස්ථාදායකයේ වගකීම නිවැරදි ලෙස හඳුනා ගනිමින් සමාජයට ආදර්ශයක් සැපයීම තමන්ගේ අරමුණ බවයි වික්‍රමරත්න මහතා කතානායක ලෙස අසුන් ගනිමින් සඳහන් කළේ.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය නව කතානායකවරයා ලෙස වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ නම යෝජනා කළා.
ඒ අනුව අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් යෝජනාව ස්ථීර කිරීමෙන් අනතුරුව වෙනත් නම් ඉදිරිපත් නොවීම හේතුවෙන් වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා කතානායකවරයා ලෙස තෝරාපත් කර ගනු ලැබුවා.
නව කතානායක වෛද්‍ය ජගත් කුමාර වික්‍රමරත්න මහතා පොලොන්නරුව ගල්අමුණ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් උසස් පෙළ හැදැරුවා.
ඉන් අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යා උපාධිය ද කොළඹ විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය පරිපාලන උපාධිය ද ලබා ගත්තා.
එමෙන්ම විෂය ක්ෂේත්රයට අයත් දෙස් විදෙස් පාඨමාලා හා පුහුණු වැඩසටහන් රැසකට සම්බන්ධ වු වික්‍රමරත්න මහතා ප්‍රායෝගික වශයෙන් සිය වෘත්තියේ විශේෂඥයෙකු වනවා.
එමෙන්ම වෙද්‍යෙවරයෙක්, වෛද්‍ය පරිපාලක අධ්යක්ෂවරෙයක් ලෙස හා පොලොන්නරුවේ චීන ශ්‍රී ලංකා ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ ලෙස ද කටයුතු කළ ජගත් කුමාර වික්‍රමරත්න මහතා වසර 26ක කීර්තිමත් වෘත්තිය ජිවිතය තුළ ජනතාව වෙනුවෙන් දැවැන්ත මෙහෙවරක් ඉටුකළ අයෙකි.