අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ චීන කාන්තා සම්මේලනයේ උප සභාපති Zhang Dongmei අතර හමුවක් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදුව තිබෙනවා.
කාන්තාවන් සවිබල ගැන්වීම සහ සංවර්ධනය සඳහා වන අන්‍යෝන්‍ය උත්සාහයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරනවා.
කාන්තාවන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආර්ථිකය කෙරෙහි දායකත්වය සඳහා වන අභියෝග හා අවස්ථා පිළිබඳවත් කාන්තා ශ්‍රම බලකායේ සහභාගීත්වය සහ බිම් මට්ටමේ නියෝජනය වැඩි කිරීම පිළිබඳවත් අවධානය යොමු ව ඇති අතර කාන්තා සංවර්ධනය පිළිබඳ චීනයේ ප්‍රගතියද සමස්ත චීන කාන්තා සම්මෙිලනයේ උප සභාපතිනිය මෙහිදී ඉස්මතු කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong, අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අගමැති අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නැගෙනහිර ආසියාවේ අධ්යක්ෂ ජනරාල් රුවන්ති දෙල්පිටිය, අධ්යක්ෂ උදානි ගුණවර්ධන සහ තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.