අවුරුදු 19න් පහළ කාන්තා ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ(15) පැවති පළමු තරගයෙන් ලකුණු 94ක විශිෂ්ට ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ සමත් වී තිබෙනවා .
ක්වාලාලම්පූර් නුවර බේයම්ස් ක්‍රිකට් ඕවල් ක්‍රීඩාංගණයේ පැවති තරගයේදී සත්කාරක මැලේසියානු කාන්තා යොවුන් පිල පරාජයට පත් කරමින් මෙම ජයග්‍රහණය ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන්ට හැකි වුණ බවයි වාර්තා වන්නේ .
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුලු 4ක් දැවී ලකුණු 153ක් රැස් කර තිබෙනවා .
ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 3 ලකුණු 18කට දැවී ගිය අතර, ලකුණු 44කදී සිව්වැනි කඩුල්ල අහිමිවීමෙන් පසු පිටියට පිවිසි නායිකා මනුදි නානායක්කාර වේගවත් ඉනිමක නිරත වෙමින් කණ්ඩායම ලකුණු 150 සීමාවෙන් එපිටට රැගෙන යාමටයි සමත් වී තිබෙන්නේ .
ලිමන්සා පන්දු 46කදී හතරේ පහර 4ක් සමඟ ලකුණු 41ක් රැස් කර තිබෙනවා .
පන්දු යැවීමේදී නූර් ඩැනියා සෙයුබා බින්ටි කඩුලු 2ක් දවා ගෙන තිබෙනවා .
පිළිතුරු ලෙස මැලේසියානු පිලට ඕවර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 59ක් පමණයි .
නූර් අයින් බින්ටි රොස්ලාන් ලකුණු 12ක් රැස් කරමින් මැලේසියානු ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූ අතර, පන්දු යැවීමේදී හිරුනි හංසිකා කඩුලු 2ක්, රශ්මිකා සෙව්වන්දි, අසේනි තලගලගේ, ප්‍රමුදි මෙත්සරා සහ චමෝදි ප්‍රබෝදා කඩුලු එක බැගින් දවා ගෙන තිබෙනවා .
මනුදි නානායක්කාර තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවා .