මුරුංගන් පොලිස් වසමේ නානාට්ටාන් ප්රදේශයේ T56 අවි සඳහා භාවිතාකරන උණ්ඩ සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු සන්තකයේ තිබූ T56 උණ්ඩ 30, 9mm x 19mm උණ්ඩ 25 ක් හා 0.38mm උණ්ඩ 12 ක් භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පැවසන්නේ .
ඔහු 33 හැවිරිදි මන්නාරම, නානාට්ටන් ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මුරුංගන් පොලිසිය විසින් සිදු කරනු ලබනවා.