පුද්ගලික ආරවුලක් මත ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී සිය මව ඝාතනය කළ පුත්රයා සියදිවි නසාගෙන ඇති බව පොලීසිය සඳහන් කරනවා.
ඊයේ (15) ගොඩකවෙල, බිසෝකොටුව ප්රදේශයේදී 82 හැවිරිදි කාන්තාවක්ව සිය පුතා විසින් මෙලෙස පහරදී ඝාතනය කර තිබෙනවා.
ඒ අනුව, පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කරන අතරතුරදී ඊයේ (15) උඩවලව – ගුරු මඩයාය ප්රදේශයේදී සැකකරු මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගෙන ඇති බවට ප්රදේශවාසීන් විසින් පොලිස් ස්ථානය වෙත දැනුම් දී තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 54ක් වූ ගල්පාය, පල්ලේබැද්ද ප්රදේශයේ පදිංචිකරුවෙක්.
මහේස්ත්රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
ගොඩකවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.