චීන ජාතික කාන්තාවක් විසින් මෙහෙයවන මහා පරිමාණ අන්තර්ජාල මුදල් වංචාවන් පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබෙනවා.
අන්තර්ජාල ගිණුම් ඔස්සේ මේ මහා පරිමාණ වංචාව සිදු කරනු ලබන බවටයි වාර්තා වී තිබෙන්නේ.
අන්තර්ජාල ගිණුම් ඔස්සේ මුදල් වංචා කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් සිවු දෙනෙක් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවකදීයා මේ බව හෙළි වී ඇත්තේ.
මුදල් වංචා කරන චීන ජාතික ජාවාරම්කරුවන් පිරිසකගේ ගිණුම්වල පසුගිය වසර 5 කදී රුපියල් මිලියන 1500 ක පමණ මුදලක් සංසරණය වී ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වාර්තා කර තිබුණේ.