මේ වසරේ ගතවූ කාලය තුළ සංචාරකයින් මිලියන 1.9 කට ආසන්න සංඛ්‍යාවක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරනවා.
එහි සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් කළේ දෙසැම්බර් මාසයේ මේ දක්වා 90,000කට අධික ප්‍රමාණයක් පැමිණ ඇති බවයි.
එමෙන්ම දෙසැම්බර් මාසය තුළ පමණක් සංචාරකයින් 250,000ක් පැමිණෙනු ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කරනවා.
සංචාරක පැමිණීම මෙම වසර තුළ මිලියන 2.2 ඉලක්කයක් සපුරාලීමට අපේක්ෂා කරන බවත් එම ඉලක්කය සපුරාලීමෙන් පසු 2018 වසරෙන් පසුව මිලියන දෙකක ඉලක්කය සැපිරූ ප්‍රථම අවස්ථාව මෙය බවට පත් වෙනු ඇතැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියා.